පකිස්තානයේ පොලිසියේ 6 දෙනෙක් එකතු වී දැරියක් විනාශ කරයි පාකිස්තානයේ සින්ධ් පළාතේ ජාකොබාබාද් දිස්ත්‍රික්කයේ පොලිස් අත්අඩංගුවේ පසුවූ 17 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට වින්දිත දැරිය, ඇගේ සොහොයුරිය සහ මිත්තණිය දින ගණනාවක් නීතිවිරෝධීව රඳවාගෙන සිටියදී මෙම අපරාධය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. මූලික වෛද්‍ය වාර්තා මගින් ස්ත්‍රී දූෂණය තහවුරු වී ඇති අතර, අදාළ නිලධාරීන් වැඩ තහනමට ලක්කර ඔවුන්ට එරෙහිව පකිස්තාන දණ්ඩ නීති සංග්‍රහය යටතේ ස්ත්‍රී දූෂණය, අයුතු රැඳවුම් සහ අපරාධකර බිය ගැන්වීම යන චෝදනා මත නීතිමය පියවර ගෙන ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් ෆෙඩරල් විමර්ශන ඒජන්සිය (FIA) මැදිහත් වී පරීක්ෂණ පුළුල් කර ඇති අතර, ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් සැකකරුවන් ලෙස නම් කරමින් අත්අඩංගුවට ගත යුතු පිරිස අට දක්වා ඉහළ නංවා තිබේ. වින්දිත පවුලේ සාමාජිකයින් පවසන පරිදි පොලිසිය මොවුන් රඳවාගෙන ඇත්තේ පවුලේ පිරිමි පුද්ගලයින්ට බලපෑම් කිරීමේ අරමුණින් ප්‍රාණ ඇපකරුවන් ලෙසය. ජාතික ළමා අයි...